Posts

එන්නත් කතාව

පැතුම් කර්නර් කියන මේ සිස්ටම් එක වෙනස් කරන්න හදන එක්කෙනෙක් කියල තිබ්බ දෙයක් මූණු පොතේ දැකල උභතෝකෝටික ප්‍රශ්ණ ටිකක් ඔලුවට ආව. ඒ මහත්තය කියල තිබ්බ තමුන් තීරකයා නම් සයිනොෆාර්ම් එන්නතට උඩින් ෆයිසර් එක තෝරනවා කියල. දෙකම එක ගානලු. මේ ආණ්ඩුව තෝරන් තියෙන්නේ සයිනොෆාර්ම්.  ෂා මරුනේ. අපි නිකන් සුපර්මාර්කට් එකෙන් බඩු තෝරනවා වගේ. සේරම පෝලිමට තියල තියෙනවා. අපි ගාන බලල ගන්නවා. කොහොමත් ඔය චීනේ  හදන ඒවට වඩා ඇමරිකන් බඩු හොඳ ඇති.  ඒත් සල්ලි තිබ්බත් එන්නත් ගන්න තියෙනවද? අපිට ඕනි ඕනි විදිහට දෙයිද? විහිලුවකට මෙහෙම හිතමු. පැතුම් කර්නර් ජනාදිපති වෙලා හිටියනම් හම්බ වෙයිද? දැන් ඇමෙරිකාවේ මාත්‍රා තුනක් දෙන්න තරම් ස්ටොක් කරන් ඉන්නවා. එන්නත් සමානව බෙදිලා ගිහින් තියෙනවද? එහෙම වෙන්නේ නෑ. අපිට සමානාත්මතාව ගැන පොර ටෝක් දුන්නට ඒවා ඇත්තේ රටවල් ඇතුලේ විතරයි. උන්ගෙ වාසියට. එතකොට අපි මොකක්ද කරන්න ඕනි. තියෙන එකක් ගන්න පුලවන් එකක් කීයට හරි අරන් ගහන එක. කවුරු මොකක් කිව්වත් දැනට මේක පාලනය කරන්න පුළුවන් එහෙමයි. එහෙම නැතිව ෆයිසර් හොඳයි කියල ඒක එනකන් ඉන්න එක නෙමෙයි. අනේ මන්ද මේ සිස්ටම් චේන්ජ් කරන එවුන්. එක්කො උන්ට තේරෙන්නේ නෑ. එහ

එක්ස්ප්‍රස් පර්ල්

 මේ දවස් වල මූණු පොත පැත්තෙ කරක් ගහනකොට පේන්නෙම මැරිච්ච කැස්බෑවොන්ගෙයි මාළුන් ගෙයි ෆොටෝ.. බැලින්නම් නැවක් ගිනි අරන්. ඒකෙ තිබ්බ ප්ලාස්ටික් කෑලි හැම තැන ගිහින්. මහා ලොකු විනාශයක්. ඇත්ත නේන්නම්. කම්පා වෙන්න ඕනි තමයි. එත් මට මේකත් මතක් උනා. ලංකාව ලෝකෙන් පස් වෙනියට මුහුදට ප්ලාස්ටික් දාන රට කියල කොහේ හරි තිබ්බ කියල. දවසට ටොන් පහක් දානවලු. ඒවා කැස්බෑවෝ කන්නේ නැද්ද මන්ද.  හරි කමක් නෑ. මන් මුහුදට කුණු දානවයැ. මන් කරන්නේ පොලිතින් ප්ලාස්ටික් වෙනම වර්ග කරලා කුණු ට්‍රැක්‌ටරේට දෙන එක. එහෙම නැත්තම් දාන්න පුලවන් බක්කියකට දාන එක.  එත් ඉතින් ඔය කුණු ටික මුහුදට යන එකක් නැද්ද කුණු ට්‍රැක්ටරේ නැගල ගිහින්..නැතිව ඉතින් ඔය දානවයි කියපු කුණු ටික ජනාදිපතියි, අනිත් දේශපාලුවෝ ටිකයි විතරක් දාපුව වෙන්න බෑනේ. ඒ කියන්නෙ අපිත් හවුල් කියන එකද? නෑ නෑ  එහෙම නෙමෙයි ඕකට වෙන්න ඕනි සිස්ටම් එක මාරු වෙන්න. අපි අයින් කරන පොලිතින්, ප්ලාස්ටික් ගානට රීසයිකල් වෙන්න එපැයි. එතකොට ප්‍රශ්නෙ විසඳෙනවා නෙ. එන චන්දෙකදී ට්‍රයි කරල බලමු. බලන් හිටපන් වෙනස් වෙයි. මන් මටම කියා ගත්තා. එතකොට එතකන් අපි ඉතින් කුණු ටික දාමු වෙන් කරලා කැස්බෑවොන්ට කන්